ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 2026 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 4.0ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2025 වසරේ අනුරූප කාර්තුවේදී විරැකියා අනුපාතය සියයට 3.8ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ අතර, එම කාලය තුළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතයද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2025 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 49.3ක් වූ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2026 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 50.0ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *