මාතර – තිස්සමහාරාම ප්රධාන මාර්ගයේ වීරවිල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයන් අවම වශයෙන් 19 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින බවයි.
වීරවිල ප්රාදේශීය ලේකම් කාර්යාලය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර, තිස්සමහාරාම සිට මාතර දෙසට ධාවනය වූ බස් රථය යතුරුපැදියක ගැටී තිබේ. අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගොස් ගසක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයන් දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි සිව් දෙනෙකු පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


