විපක්ෂයේ රැළිය සාර්ථක වේවා

විපක්ෂයේ පක්ෂ විසින් ලබන 21 දා නුගේගොඩදී පැවැත්වීමට සූදානම් රැළිය සාර්ථක වේවා යන්න ප්‍රාර්ථනා කරන බවත් රැළිය සාර්ථක කර ගැනීම ඔවුන්ට අභියෝගයක් වනු ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.

මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවැසුවේ,” රැස්වීම සාර්ථක වේවා කියලා අපි ආශීර්වාද කරනවා. රැස්වීම සාර්ථ කර ගැනීමත් අභියෝගයක්නේ. මුකුත් කරන්නේ නෑ. සමාජයට වැදගත් දෙයක් කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය පාතාලය නවත්වන්න යන ඒකට සහාය දෙන්නේ නෑ. ඵලදායි දෙයක් නොකරන විපක්ෂයක් ඒක්ක ජනතාව සම්බන්ධ වෙයිද? ඒ් නිසා ඔය රැළිය සාර්ථක වෙන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *