විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා සංවර්ධන ගැටලු ඇතුළු ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපාන ප්‍රාදේශීය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබේ.

එම ගැටලු පාර්ලිමේන්තුව තුළ වඩාත් පුළුල් ලෙස ඉදිරිපත් කර අවශ්‍ය මැදිහත්වීම් ලබාගැනීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇත.

එම්.එල්.එම්. හිස්බුල්ලා, රවුෆ් හකීම්, රාමනාදන් අර්ච්චුනා, කාදර් මස්තාන්, ශානකියන් රාසමාණික්කම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *