ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට බලපාන පරිදි තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇම්බර් නිවේදනයක් නිකුත් කර තිබේ.
බදාදා පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය අගෝස්තු 20 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 දක්වා බලපැවැත්වේ.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පැයට කිලෝමීටර් 50–60ක වේගයෙන් තද සුළං හමා යා හැකි බව දැනුම් දී තිබේ.
මීගමුවේ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් 3ත් අතර දක්වා ඉහළ යා හැකි බවද අනතුරු අඟවා ඇත.
එමෙන්ම ඊට ආසන්න වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු ජලය ගොඩගැලීමේ තත්ත්වයක් ඇති විය හැකි බවද සඳහන් කර තිබේ.
නාවික සහ ධීවර ප්රජාවන්ගෙන් අවධානයෙන් සහ අවදියෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.



