වස් කවි ලියූ තරුණයකු ගැන සමාජ මාධ්‍ය වීඩියෝවක් පළ කළ නීතිඥවරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී

වස් කවි ලිවීම හේතුවෙන් තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කළ බවට පළ වූ සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් නීතිඥ සුදත් වික්‍රමරත්න මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ වීඩියෝව ප්‍රසිද්ධියට පත් කළ නීතිඥවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

2026 ඔක්තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වස් කවි ලිවීමේ සැකය මත තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ අසත්‍ය ප්‍රකාශයක් ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *