වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ඥානසාර හිමි අද දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා (BBS) මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම ඥානසාර හිමියන් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඥානසාර හිමියන් ඊයේ (4) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *