ලෝක් සභාව ගැන ඉගෙන ගන්න මන්ත්‍රී 25ක් ඉන්දියාවට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  මන්ත්‍රීවරුන්  25 දෙනෙකුගෙන්  යුතු  කණ්ඩායමක් අධ්‍යයන චාරිකාවක් සඳහා  ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  මෙන්ම  පාර්ලිමේන්තුවේ සහකාර  මහලේකම් නීතිඥ  හංස අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු   කිහිපදෙනෙක් ඇතුළත් වෙති.

ඉන්දීය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තකට  මෙම පිරිස පිටත්ව ගිය බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්  මෑතකදී චීනයේද අධ්‍යයන චාරිකාවක නිරතවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *