Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනීම ලබන 10 වැනිදා

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ කණ්ඩායම් 06ක් නියෝජනය කරමින් දෙස් විදෙස් ක්‍රීඩා තරු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගත හැකියාව පවතී.

ඔබේ අදහස