බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) හරහා නීති විරෝධී ලෙස ආභරණ කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ 51 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රු. මිලියන 3.7ක දඩයක් නියම කර තිබේ.
මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම මගියා ඔක්තෝබර් 3 වැනිදා ඩුබායි සිට BIA වෙත පැමිණ තිබේ.
ඔහුගේ සිරුරේ සඟවා තිබූ පැකට් හතරක තිබී ආභරණ ග්‍රෑම් 996ක් බලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම ආභරණවල වටිනාකම ආසන්න වශයෙන් රු. මිලියන 36.5ක් බව සඳහන් වේ.
අනතුරුව මගියා සහ සොයාගත් ආභරණ වැඩිදුර විමර්ශන සඳහා BIA රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ.
ඔක්තෝබර් 4 වැනිදා අලුයම දක්වා පැවති විධිමත් රේගු පරීක්ෂණයකින් අනතුරුව, අදාළ ආභරණ රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර, මගියාට රු. මිලියන 3.7ක දඩයක්ද නියම කර තිබේ.


