මේ වසරේ ඩෙංගු රෝගීන් 105,000 ඉක්මවයි, මරණ 79ක්!

මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 105,097 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු හේතුවෙන් මරණ 79ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

දිවයින පුරා ඩෙංගු රෝගය පැතිරීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 28ක් හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එම පළාතෙන් රෝගීන් 54,673 දෙනෙකු වාර්තා වී තිබේ. එය දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.02කි.

දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 22,053කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,384ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 8,378ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 6,592ක් වාර්තා වී ඇත.

ඔක්තෝබර් මාසයේ මුල් දින 25 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,377 දෙනෙකු වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාලේඛන මගින් දිවයින පුරා ඩෙංගු රෝගය අඛණ්ඩව පැතිර යමින් පවතින බව තහවුරු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *