මේ මාස දහයේ කොරියාවට 3,253ක් ගිහින්

ගතවූ මාස දහයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනකු පිටත්ව ගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙක්  දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියෝ දෙදෙනෙක්ද අයත් වෙති.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් හිමිවේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්‍රමයට තෝරාගන්නා අතර, විභාගය UBT ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ. ඒ සඳහා කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය සඳහන් කරයි.

රැකියා ලාභීන්ට වසර 4 මාස 10 කාලයක් දකුණු කොරියාවේ රැදී සිටීමට අවස්ථාව හිමිවන අතර, නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *