මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එන්.ආර්. අනීස් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිනිය සහ සාමාජිකාවක් ලෙස එන්.ආර්. අනීස් මහත්මිය පත් කර ඇත.

ජේ.එම්.සී.ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්ම මහත්මීන් කොමිසමේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කර ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

මුදල් කොමිෂන් සභාවේ පෙර සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *