මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර භාර අමාත්‍යවරයා ලෙස වගකීම තමන් භාර ගන්නා බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කර ඇති බවයි.
අනාගතයේදී මෙවැනිම තත්වයක් නැවත ඇති නොවන බවට සහතික වීමට රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ගැටුමට හේතු වූයේ කුමක්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඔහු පැවසීය.


