යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී ඇරැඹුණු මෙම ක්‍රීඩා උළෙලට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ.
දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේ ය. අනු ශුරතාවය පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලය හා තෙවන ස්ථානය නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේය.
ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා, ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහත්වරු ද සහභාගී වූහ.


