Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බංග්ලාදේශයට පරාජයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ද ඊයේ(28) පැවැත්වුණි.

එම තරගය ලකුණු 87කින් ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා රැස් කළේ ලකුණු 229ක් පමණි.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 230කි.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 142ක් පමණි.

ඔබේ අදහස