පොත් බලන්න කොළඹ පොත් ප්‍රදර්ශනයට අගමැතිනියගෙන් හදිසි පැමිණීමක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේ පැමිණ, පොත් පරිශීලනය කරමින්, වෙළෙඳුන් සමඟ කතාබස් කරමින් සහ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව සමඟ සුහදව කාලය ගත කළාය.

ප්‍රදර්ශන භූමියේ සාමාන්‍ය ලෙස ඇවිදිමින් සිටි අග්‍රාමාත්‍යවරිය පොත් අලෙවිසැල් කිහිපයකට ගොස් පොත් පරීක්ෂා කළ අතර, පොත් වෙළෙඳුන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් පොත් කිහිපයක්ද මිලදී ගත්තාය.

ඇයගේ අනපේක්ෂිත පැමිණීම ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාවටද සුහද හමුවකට අවස්ථාවක් බවට පත්වූ අතර, අග්‍රාමාත්‍යවරිය ජනතාව සමඟ කතාබස් කරමින් ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූපවලටද පෙනී සිටියාය.

අග්‍රාමාත්‍යවරිය අනෙකුත් පොත් ලෝලීන් සමඟ එක්ව ප්‍රදර්ශනයේ වාතාවරණය විඳිමින් ජනතාව අතර නිදහසේ සැරිසරනු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *