පුහුණුවේදී අත් බෝම්බයක් පුපුරා සෙබළු තුනක් රෝහලේ

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුරදී   අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.‍

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වනු ලබන වොල්වරින් පාත් පුහුණු අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා  පුහුණු පාසලේදී පසුගිය 27 වෙනිදා ආරම්භ විය.

සතුරු බංකර විනාශ කිරීමේ නිදර්ශනය සිදුකරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය පුපුරා ඇති අතර ඉන් ශ්‍රි ලංකා යුද හමුදාවේ  සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, රුසියානු ජාතික හමුදා සෙබළුන්ට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවද  මාදුරුඔය යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

ෙසෙබලුන් තිදෙනාගේ පාදවලට තුවාල සිදුව ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *