පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සුපරීක්ෂාකාරී කමිටු පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ඩේලි නිවුස් පුවත්පතට අනුව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට නියෝග නිකුත් කළේය.
සුපරීක්ෂාකාරී කමිටු පිහිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න වෙත උපදෙස් ලබාදී තිබෙනවා.