Prasanna Ranaweera

ප්‍රසන්න යළි රිමාන්ඩ්

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාෙ ලබන සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය  නියම කළාය.

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙදින සැකකරුවන් තිදෙනාගෙන් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්හ.

ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

මෙදින බන්ධනාගාර ගත කර සිටින හතරවන සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් පමණක් අධිකරණයේ නියෝගය මත ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට අදාළව චෙක් පත් 04 කට ඔහුගෙන් අත්සන් ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ යන අයගෙන් එම චෙක්පත්වලට බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ අත්සන් ලබා ගැනීමට අවසරය ලබා දුන්නාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *