නීතිවිරෝධී සංක්‍රමණය හා මුහුදු සීමා ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සාකච්ඡා

නීතිවිරෝධී සංක්‍රමණය, මුහුදු සීමා ආරක්ෂාව, මිනිස් ජාවාරම සහ උතුරු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සාකච්ඡා පවත්වා තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අක්‍රමවත් සංක්‍රමණ සම්බන්ධීකරණ නිලධාරිනී සෝනියා ඩග්ලස් මහත්මිය සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන මහතා අතර උතුරු නාවික විධාන මූලස්ථානයේදී පැවති හමුවකදී මෙම සාකච්ඡා සිදු වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ උතුරු පළාතේ අක්‍රමවත් සංක්‍රමණ ප්‍රවණතා සහ මුහුදු සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි.

මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, මුහුදු ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

හමුව අවසානයේදී නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *