75 වැනි නිදහස් දින සැමරුමට තර්ජනයක් විය හැකි සටහනක් FB හි හුවමාරු කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය.
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි වීමට නියමිත අයට තර්ජනය කරමින් සැකකරු ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති බවයි වාර්තා වුණේ.
ඔහු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.