තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල් මිල අඩු වීම බස් ගාස්තු අඩු වීමට තරම් ප්‍රමාණවත් නොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මිල සූත්‍රය අනූව බස් ගාස්තු මිල අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් පනස් පහකින්වත් අඩු විය යුතුව ඇතැයිද විජේරත්න මහතා කීවේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදී ඇති ජූලි පලවනදාට ඉන්ධන මිල අඩුවීම් වාසිය ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *