ප්‍රේමදාස ගුණ සමරයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි පෙළපාලියට සහභාගි වී සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය.

පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේ දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 60කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස ඝාතනයට ලක්වී අදට වසර 31කි.

ඒ මහතා සිහිකරමින් ඊයේ පස්වරුවේ ශ්‍රී සුචරිත ශාලාවේදී ධර්ම දේශනයක් සංවිධාන කර තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *