“තල් අරඹෙන් රුහුණු පුරට” වැඩසටහන ඇරඹෙයි

තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණු පුරට” තරුණ හුවමාරු වැඩසටහන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

මෙහිදී වවුනියාව දිස්ත්‍රික්කයෙන් පැමිණි තරුණ තරුණියන් හරසරින් යුතුව අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පිළිගැනුණි.

වවුනියා දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විසිදෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් විසිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාල්ල, අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කඳුරුගමුව ග්‍රාම නිලධාරී වසමේදී ලබන සිකුරාදා (26) දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

වවුනියාවේ සිට පැමිණෙන තරුණ තරුණියන් විසිදෙනා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි තරුණ තරුණියන්ගේ නිවෙස් වල නතරවී සහෝදරත්වය බෙදාගනිමින්  කාලය ගත කිරීමට නියමිත අතර, මෙම වැඩසටහන ක්‍රියාත්මක වන දින හතර ඇතුලත ගාල්ල ප්‍රදේශයේ ඇති සංස්කෘතිකමය ස්ථානයන් හා ආගමික ස්ථානයන් ඇතුළු විනෝදාස්වාදය සපයන ස්ථානයන් නැරඹීමට ද සහභාගී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *