ජාතික රෝහල් උපස්ථායකගේ යතුරු පැදියේ උණ්ඩ 8 ක්

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී 56 උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 3 ක් සොයා ගත් බව මරදාන පොලිසිය පවසයි.

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකයකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට මරදාන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී අංශයේ රථ ගාලේ නවතා තිබූ එම රෝහල් උපස්ථායකගේ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ දී මෙම උණ්ඩ සොයාගෙන ඇත.

එම යතුරුපැදිය තිබී සුදු පැහැති කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් ද සොයා ගෙන ඇතැයි කියයි.

රෝහල් උපස්ථායකගේ යතුරුපැදියේ පෙට්‍රල් ටැංකිය උඩ ඇති කවරයේ එම උණ්ඩ දමා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *