තමන් විසින් ප්‍රකාශ කළ ඡන්දය සිය ජංගම දුරකථනයෙන් ඡායාරුප ගතකළ පුද්ගලයෙක් නාවලපිටිය පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 දී ජන්දය සලකුණු කර, එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ අවස්ථාව අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ශාලාධිපති විසින් නිරීක්ෂණය කර ඇති අතර, අනතුරුව අදාළ සැකකරු හා ජංගම දුරකථනය ශාලාධිපති විසින් පොලිස් නිලධාරින් වෙත භාර දී තිබේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙක් .ඔහු අද රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.