රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලි” ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් මරණ දඬුවම නියම කර තිබේ. ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා වලට වරදකරුවන් කරමින්.
කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නිලන්ත ජයකොඩි යන අය මරණ දඩුවම නියම වූ අනෙක් පුද්ගලයින් දෙදෙනායි.
2010 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු ප්‍රේමලාල් ජයසේකර මහතා විදුලිබල හා බලශක්ති මෙන්ම රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු ඔහු පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු මෙවර මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදී.