අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (31) උදෑසන ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණු අතර, අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුගෙන් පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *