කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක්

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින්  ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ  ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව)  එහි  නිලධාරීන්ට පෙන්වාදී ඇත.

එල්ටීඑල් සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය ඇපැහැදිලි බවත්  ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්වය ගැටළුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසුවේය

එල්ටීඑල් සමාගමේ කොටස් වෙස්ට් කොස්ට් ආයතනය සහ  ඊසොට්  සමාගම යන ආයතන වලට බෙදී  ඇති  අාකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ කොටස් බෙදීම මෙන්ම එහි  ක්‍රියාකාරීත්වය ඉතාම අපැහැදිලි බවයි.

මේ නිසා මේ තත්වය පැහැදිලි කර ගැනීමට නීති  අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉක්මනින්ම කටයුතු කළ යුතු බව  කාරක සභාව නිර්දේශ කළේය.

මේ අනුව එල්.ටී.එල් සමාගම ලබන මස 24 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *