කොවිඩ් ආසාදිත නිවසියන්ගේ සුරතල් සතුන් 37 දෙනෙකුට ආහාර ලබා දීමක්

සුරතල් සතුන් 37 දෙනෙකු නිවසක් තුළ සතියක පමණ කාලයක සිට සිරවී සිටීමේ පුවතක් මත්තේගොඩින් වාර්තා විය.

ඒ, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසකය.

එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනා කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව දින ගණනාවක සිට ආහාර නොලැබීමෙන් සුනඛයන් 17 දෙනෙකු සහ බළලුන් 20 දෙනෙකු එම නිවස තුළ විවිධ කූඩුවල රඳවා තිබී ඇත.

පසුව මේ පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු සතුන් පිළිබඳ කටයුතු කරන සංවිධානයක් නිවසට ඇතුළුවී එම සතුන්ට ආහාරදීමට ඉදිරිපත් වී තිබුණන් එම නිවෙස්හිමියන්ගේ ඥාතීන් ඒ සඳහා අවසර ලබාදී නොමැත.

එහිදී ඥාතීන් පවසා ඇත්තේ සතුන්ට ආහාරදීමෙන් නිවෙස තුළ අපවිත්‍ර කරන බවය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම නිවසේ රඳවා සිටි සතුන්ට ආහාර දීමට අවස්ථාව හිමිවී තිබුණි.

එහිදී නිවසේ රඳවා සිටි ඉබ්බෙකු ද සොයා ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *