කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහාචාර්ය ප්‍රනාන්දු මහතා වෙත භාරදී ඇත.

මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා මීට පෙර මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර තිබේ.

ඔහුගේ නව පත්වීම අගෝස්තු 24 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *