හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුවිශේෂ්වර බණ්ඩාර මහතාගේ පාදයේ ඇති වූ තුවාලය උග්ර වීම හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බණ්ඩාර මහතාගේ තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
රාජ්ය ආයතන දෙකකින් වැටුප් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.


