කමිල් මිෂාර හා කුසල් පෙරේරා ලංකාව දිනවති

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17.4කදී කඩුලු දෙකක් පමණක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පන්දුවාර 7.1කදී කඩලු දෙකක් දැවී ලකුණු 76ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ වේගවත් ආරම්භය එලෙසින්ම
ඉදිරියට රැගෙන ගිය කමිල් මිෂාර 73* (පන්දු 43) හා  කුසල් පෙරේරා 46* (පන්දු 26) තුන්වැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 117ක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

තරගයේ වීරයා ලෙස කමිල් මිෂාර සම්මාන දිනාගත්තේය. මෙම තරග ජයත් සමගින් විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *