කථානායක ජගත් වික්‍රමරත්න සහ මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේදී අද කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ මන්ත්‍රී චානක මදුගොඩ මහතා අතර වාචික ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය.

ප්‍රශ්න විමසීමේදී වැඩි කාලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයා මන්ත්‍රීවරයාට චෝදනා කළ අතර, පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් නොකරන ලෙසද අවවාද කළේය.

පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් කරන්න බැහැ,” යනුවෙන් කථානායකවරයා පැවසීය.

ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සමඟද කථානායකවරයා අතර වාචික මත ගැටුමක් ඇති විය.

අනතුරුව මන්ත්‍රී චානක මදුගොඩ මහතා යෝජනා කළේ, වාචික ප්‍රශ්න සඳහා අදාළ අමාත්‍යවරයාගේ පිළිතුරු පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ඉදිරිපත් කළ යුතු බවයි.

එමගින් අතිරේක ප්‍රශ්න (Supplementary Questions) සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගත හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *