ඖෂධ මිල තීරණය කරන ක්‍රමවේදය පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රම වේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යම් තනි නිෂ්පාදනයකට අදාළ වූ උපරිම සිල්ලර මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය ද, යම් නිශ්චිත ඖෂධයක හෝ යම් නිශ්චිත ඖෂධ කාණ්ඩයක මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවට අදාළ වූ උපරිම ඉහළම සීමා මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රම වේදය හඳුන්වා දෙමින් 2025 අංක 02 දරන ඖෂධ (ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රම වේදය) නියෝග නිකුත් කරනු ලැබ ඇති අතර, එකී නියෝග අංක 2446/34 දරන 2025-07-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව අදාළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *