ඉරානයෙන් පර්සියානු බොක්ක ආශ්‍රිත රටවලට අනතුරු ඇඟවීමක්

ඉරානය සමඟ පවතින ගැටුම අතරතුර එක්සත් ජනපද හමුදා වෙත සහාය හෝ පහසුකම් සැපයීමෙන් වළකින ලෙස ඉරානය පර්සියානු බොක්කේ දකුණු වෙරළ තීරයට අයත් රටවලට අනතුරු අඟවා තිබේ.

ඉරාන සන්නද්ධ හමුදාවල මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අලි අබ්දොල්ලාහි මහතා සඳහන් කළේ, තම භූමිය ඉරානයට එරෙහිව භාවිත කිරීමට එක්සත් ජනපදයට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇති රටවල්, කලාපයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් ඉරානය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අවබෝධ කරගත යුතු බවයි.

බදාදා නිකුත් කළ පණිවුඩයක ඔහු සඳහන් කළේ, කලාපීය හමුදා කඳවුරුවල මෙතරම් විශාල හමුදා ගුවන් යානා සංඛ්‍යාවක්, විශේෂයෙන් ඉන්ධන පිරවීමේ ගුවන් යානා, සත්කාරක රටවල දැනුවත්භාවයකින් තොරව ක්‍රියාත්මක වීම සිදුවිය නොහැකි බවයි.

එක්සත් ජනපද හමුදාවට කිසියම් ආකාරයක සහායක් හෝ පහසුකම් සැපයීම එරට හමුදා මෙහෙයුම්වලට සහභාගී වීමක් ලෙස සලකන බවටද ඔහු අනතුරු ඇඟවීය.

“ආක්‍රමණික එක්සත් ජනපද හමුදාවට ලබාදෙන ඕනෑම සහායක් සහ පහසුකම් සැපයීමක් එක්සත් ජනපද හමුදා සමඟ සහභාගී වීමකට සමාන බව අපි අනතුරු අඟවනවා,” යනුවෙන් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *