ආරක්ෂක ලේකම් නෙවිල් ප්‍රනාන්දු රෝහල පරීක්ෂා කරයි

මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ (NFTH) කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් සම්පත් තුයකොන්ත මහතා එම රෝහලේ නිල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඔහුව පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී රෝහලේ වත්මන් තත්ත්වය, දිගුකාලීන දැක්ම සහ පරිශ්‍රයේ වෛද්‍ය පහසුකම් සහ සේවාවන් වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අරමුණු පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 2026 පෙබරවාරි 9 වැනි දින පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කළ පරිදි NFTH හි කළමනාකාරිත්වය දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධීක්ෂණය යටතේ පවතී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතා විසින් මතුවෙමින් පවතින සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රෝහලේ දැනට ක්‍රියාත්මක වන මුලපිරීම්, මෙහෙයුම් හැකියාවන් සහ අනාගත ව්‍යාප්තිය සඳහා වන සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. යටිතල පහසුකම් සංවර්ධනය, මූල්‍ය සලකා බැලීම් සහ ව්‍යාපෘතිය නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය ද සාකච්ඡාවලට ඇතුළත් විය.

රෝහල අති නවීන වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ සහයෝගී ප්‍රයත්නවල වැදගත්කම අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, මෙවැනි උසස් ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය මධ්‍යස්ථානයක් මගින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන බව සඳහන් කළේය.

මෙම සංචාරය සඳහා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *