නිකුත් කළ විශේෂ නිවේදනයකින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ බෙංගාල බොක්ක ආශ්රිතව පැවති අඩු පීඩන පද්ධතිය ‘අර්නාබ්’ ලෙස නම් කළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නවතම අනතුරු ඇඟවීමට අනුව, එම සුළි කුණාටුව මේ වන විට උතුරු අක්ෂාංශ 15° 04′ සහ නැගෙනහිර දේශාංශ 088° 09′ ආසන්නයේ පිහිටා තිබේ.
සුළි කුණාටුව තවදුරටත් තීව්ර වී වයඹ දෙසට ගමන් කිරීමට අපේක්ෂා කරන අතර, එය බටහිර දෙසට ගමන් කිරීමේ වැඩි ප්රවණතාවක් ද පවතින බව සඳහන් වේ.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10°ට උතුරින් පිහිටි මුහුදු ප්රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100 දක්වා හෝ ඇතැම් අවස්ථාවලදී ඊටත් වඩා ඉහළ යා හැකි බව ධීවර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
ඒ අනුව, අදාළ මුහුදු ප්රදේශවල මේ වන විට ධීවර කටයුතුවල නිරත යාත්රා සුළි කුණාටුවේ කේන්ද්රයෙන් සහ එය ගමන් කිරීමට අපේක්ෂිත මාර්ගයෙන් ආරක්ෂිත දුරක් පවත්වාගෙන යන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබේ.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් ශ්රී ලංකාව වටා ඇති මුහුදු ප්රදේශ ද රළු විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
ධීවර ප්රජාව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි හා අනතුරු ඇඟවීම් පිළිබඳව සමීපව අවධානය යොමු කරන ලෙසත් අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඉල්ලා සිටියේය.


