අපරාධකරුවන් හැත්තෑ දෙදෙනකුට රතු නිවේදන

විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද  විජේපාල මහතා පැවසීය.

ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිස් දෙනෙකු විදේශයන්හි සිටින ස්ථාන හඳුනාගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා  අපරාධකරුවන් විසිදෙනකු  විදේශයන්හි හිර භාරයේ සිටින බවද ප්‍රකාශ කළේය

එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *