අනතුරට පත් යානයේ නියමුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි

පිඩාවට පත් ජනතාව වෙත සහන සලසමින් සිටියදී වෙන්නප්පුව ගිං ඔයට කඩා වැටුන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානයෙ ප්‍රධාන නියමුවා මරණයට පත්වු බව මාරවිල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වින්ඩ් කමාර්ඩ්ර් නිර්මාල් සියඹලාපිටිය නැමති ප්‍රධාන ගුවන් නියමුවා බව කියයි.

අදාල ගුවන් නියමුවා ඇතුළු පස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකෝප්ටර් යානයෙන් පිඩාවට පත්වු පිරිසට ආහාර රැගෙන එමින් සිටියදී මෙලෙස හෙලිකෝප්ටර් යානයෙ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ගිං ඔය ආසන්නයේ ගිං ඔය පාලම මතට ගොඩ බැමට යාමේදි මෙලෙස ගිං ඔයට වැටි තිබුනී.

කෙසේ වෙතත් ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය පිටතට පැන දිවි බේරා ගෙන තිබුණද බරපතල තත්වයේ සිටි ප්‍රධාන ගුවන් නියමුවා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සනාථ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *