අධ්‍යාපන චාරිකාවක් සඳහා සමනලවැව ප්‍රදේශයට පැමිණ සිටියදී දියේ ගසාගෙන යාමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ මොනරාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා පැමිණ ඇති අතර, කුරගල පූජනීය ස්ථානය වෙත යමින් සිටියදී සමනලවැව වේල්ල නැරඹීමටද පැමිණ ඇති බවයි.
එම බස් රථයක සිටි සිසුන් තිදෙනෙකු දිය පහරක් ආසන්නයට ගොස් දිය නෑමට සූදානම් වී ඇති අතර, එහිදී එක් සිසුවෙකු දිය පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.
පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිසුවාගේ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ බිබිල කිරියන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකි.
ඔහුගේ සිරුර බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


