අගමැතිනිය ගැන සජබ මන්ත්‍රිගේ හිත උණුවෙලා

අගමැති කාර්යාලයේ පුනරාවර්තන වියදම් මිලියන 200කින් අඩු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා පැය හතරහමාරක් නෙමෙයි පැය දාහතරහමාරක් කියෙව්වත් වැදගත් වන්නේ ඒකෙ ඇතුලෙත් තිබුනෙ මොනවද කියන කාරණයයි.අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම් ටික නම් මුලින්ම වැඩි කරගෙන තියෙනවා.ප්‍රාග්ධන වියදම් විදියට සියයට 35ක වැඩි කර ගැනීමක් කර තියෙනවා.එය රුපියල් මිලියන 2258 කින් වැඩි කරගෙන තියෙනවා.අගමැතිතුමියට වැඩිවෙලා තියෙන්නේ ලක්ෂ පනහයි.මේවා බලද්දි අගමැතිතුමියට සලකන විදිය ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.

අගමැතිතුමිය ලෝකේ ඉන්න අඩුම කාර්යයක් කරන අගමැතිවරිය බවට පත් කරන්න හදනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *