“තාරුණ්‍යයට හොඳටම සැලකූ අයවැය මෙයයි” – සමාජවාදී තරුණ සංගමය

මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කර ඇත්තේ මෙවර අයවැයෙන් බව සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

මේ වන විට ගැසට් කර ඇති රජයේ රැකියා පුරප්පාඩු 68,000ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සමාජවාදී තරුණ සංගමයේ කැදවා  මාධ්‍ය හමුවේ දී අඹේපිටිය මහතා මේ බව කීය.

“ලංකාවේ අයවැය 80ක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අයවැයවලින් වෙන් වෙලා තිබුණේ ඇති හැකි අය වෙනුවෙන්. මේ රටේ දුප්පත්, පීඩිත ශ්‍රමය වැය කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ.  ජාතික ජනබලවේගය මොන දිශානතියට ද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉගියක් පසුගිය අයවැයේ තිබුණා යනුවෙන්ද අඹේපිටිය මහතා කීය.

සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ,සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානි රත්නායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *