කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනය සඳහා වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශයක් නිකුත් කර තිබේ.
එම උපදේශයට අනුව, දිවා කාලයේදී ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකදීම දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, දවසේ උණුසුම්ම කාලසීමාවේදී දැඩි ශාරීරික ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.



