ජංගම දුරකථන මෙන් පෙනෙන ලෙස නැමිය හැකි පිස්තෝල දෙකක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ජංගම දුරකථන මෙන් පෙනෙන ලෙස නැමිය හැකි ආකාරයට නිර්මාණය කර ඇති පිස්තෝල දෙකක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසුවේ, Moreton Tactical Crime Squad කණ්ඩායම, Public Safety Response Team සහ Dog Squad නිලධාරීන්ගේ සහාය ඇතිව අගෝස්තු 2 වැනිදා පස්වරු 5.00ට පමණ Deception Bay හි Cross Street ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට වරෙන්තුවක් ක්‍රියාත්මක කළ බවයි.

එහිදී ජංගම දුරකථන මෙන් පෙනෙන ආකාරයට නැමිය හැකි පිස්තෝල දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

සිද්ධිය සම්බන්ධ නඩුව මේ වනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර, චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධ චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ තහවුරු වී නොමැත.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය මෙම මෙහෙයුම පිළිබඳ තොරතුරු අගෝස්තු 12 වැනිදා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *