මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අදාළ සැකකරුව අද කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කොවිඩ් -19 ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසට රාජකාරී කටයුතු සඳහා පැමිණි නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ මෙම කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබුණි.
ඒ ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකදීය.
අදාළ සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇති අතර පසුව එම කෙළ ප්‍රහාරය එල්ල කර තිබේ.
ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.