එක් රෝගියකුට ලබාදීමට රු. 54,000ක් වැනි අධික මිලක් යටතේ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වනු ලබන PET ස්කෑන් පරීක්ෂාව සඳහා යොදා ගන්නා විකිරණශීලි ඩයි වර්ගය අඩු මිලක් යටතේ මෙරට නිෂ්පාදනය කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ ඇත.
ඒ පිළිබඳ සාකච්ඡාව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම විකිරණශීලී ඩයි වර්ගය ඉන්දියාවේ දැනට ඉන්දියාවේ සිට රැගෙන එන අතර, එම ඩයි වර්ගයේ අර්ධ ආයු කාලය පැය 2ක් පමණ වන බැවින් එක් රෝගියකුට ලබා දීමට කිහිප ගුණයක් වැඩියෙන් ඩයි ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම ඩයි වල අධික මිල හා ඩයි හිඟ කම වැනි හේතු නිසා පිළිකා රෝගීන් විශාල පිරිසක් පෙට් ස්කෑන් පරීක්ෂණ පොරොත්තු ලේඛනයේ සිටීමට සිදු වී තිබේ.
මෙම ඩයි වර්ගය ශ‍්‍රී ලංකාව තුළ රු. 14,000 කට නිෂ්පාදනය කරගත හැකි බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.