LP ගෑස් සිලින්ඩර් පිපිරීම් ගැන සොයා බැලීමට ජනපති කමිටුවක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහස්ථ වාණිජ සහ අලෙවිසැල්වල පසුගියදා ඇති වූ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සිලින්ඩර් ගිනිගැනීම් සහ පිපිරීම් පිළිබඳ සිද්ධීන් සොයා බැලීමට සහ ගැටලුවට හේතු සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, තාක්ෂණික සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු සෙසු සාමාජිකයින් වෙති. .

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගෙන් එම තොරතුරු ලබාගෙන දැනට පවතින අධ්‍යයනයන් සහ විවිධ අදහස් පිළිබඳව සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *