වත්මන් අවශ්‍යතාවයට සරිලන පරිදි සහල් මෙට්‍රික් ටොන් 20,000ක් මියන්මාරයෙන් ආනයනය කිරීමට රජයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජය සහ රජය අතර ගිවිසුමක් මත මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
සහල් තොගය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 460 බැගින් රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව හරහා ආනයනය කෙරේ.
මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට 2021 සැප්තැම්බර් 24 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් අතර එමඟින් රට තුළ කිසිදු හිඟයකින් තොරව සහල් තොගයක් සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් තොග තබා ගැනීමට හැකි විය.